Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබාගැනීමේ පහසුකම සලසා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග දෙපාර්තුමේන්තුවේ https://certificate.doenets.lk/ වෙබ් අඩවිය ඔස්සේ එම ප්‍රතිඵල ලේඛණ නොමිලයේ බාගත හැකි වනවා.

මේ අතර “ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අදාළ විභාගය පවත්වනු ලබන දිනයන් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *