Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

උසස් තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ඔරලෝසුවක ආධාරයෙන් පිළිතුරු සපයමින් සිටි බව කියන පාසල් සිසුවෙකු පොලිස් බාරයට පත් කිරීමට විභාග ශාලා නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (13) සවස් වරුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යාව විෂය පැවති අවස්ථාවේදීයී.

ගම්පහ ප්‍රධාන පාසලක විභාග ශාලාවකදී මෙම වංචාව හසුව ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම උසස් තාක්ෂණයෙන් යුත් ඔරලෝසුවෙහි ජීව විද්‍යාව විෂයට තොරතුරු ඇතුලත් කර තිබී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවා පොලීසිය බාරයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර වංචා සහගත අන්දමින් පිළිතුරු ලිවීමට යොදාගත් ඔරලෝසුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස පොලිස් බාරයට ගෙන සිසුවා මුදා හැරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා පැවසුවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *