Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල දින 7ක් ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පවසයි.

මේ අතර දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල මැයි 10 වන සඳුදා විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

එමෙන්ම දිවයිනේ සියලු පාසල් යළි විවෘත කිරීමට අදාළ අවසන් තීරණය ලබන 2වනදා ගැනීමට නියමිත බවත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

“මැයි 2වනදා ස්ථිර තීරණයක් ගන්නවා, සඳුදා පාසල් පැවැත්වීම ගැන. දිවයිනේ සියලු විශ්වවිද්‍යාලත් මැයි 10 විවෘතයි. උසස් පෙළ විභාගය නොවැම්බර් අවසන් වුණා. සිසුන් 362,000 ක් විභාගයට පෙනී සිටියා. අද සිට දින 7ක් තුළ ප්‍රතිඵල නිකුත් කරනවා. සිසුන් සැප්තැම්බරයේදී විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට කටයුතු කරනවා.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *