Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (01) පස්වරුවේ ත්‍රිකුණාමලය – ඌවර්මලෙයි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ත්‍රිකුණාමලය පොලීසිය පවසයි.

තිදෙනෙකු ගමන් ගත් යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇත.

සිද්ධියෙන් ත්‍රිකුණාමලය, සුමේදාගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සහන් නමැති පිරිමි දරුවකු එම ස්ථානයේදීම මිය ගිය බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් එක් අයෙක් මිය ගිය අතර තුවාල ලැබූ අනෙක් දෙදෙනා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය අතර එම ස්ථානයේම සිට ඩී.ඩබ්ලිව්. තිසරු අමික්ෂණ නමැති 20 හැවිරිදි පිරිමි ළමයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) පස්වරු 6.30 ට පමණ මිය ගිය බව පොලිසිය පවසයි.

මියගිය අයගේ සිරුරු මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කිරීමෙන් පසු සිරුරු ඥාතීන්ට භාරදීමට නියමිත බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත්ය.

Leave a Reply

Your email address will not be published.