Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එංගලන්තයේ නිරිතදිගින් පිහිටි ප්ලිමත් (Plymouth) නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන නිවසකට කඩාවැදුණු පුද්ගලයකු විසින් එහි සිටි මව සහ දියණියට වෙඩි තබා ඇති අතර , දස හැවිරිදි ළමයෙකු ද වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති අතර එය සිදු වූයේ පාරේ සිය සුනඛයින් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ද සන්නද්ධ පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවයි.

මෙය ත්‍රස්තවාදයට අදාළ ක්‍රියාවක් නොවන බවත් මෙවැනි සමූල ඝාතනයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූයේ වසර 11කට පසුව බවත් බ්‍රිතාන්‍ය පොලිසීය වැඩි දුරටත් සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *