Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රෝගී ව එක්තැන් ව සිටි 89 හැවිරිදි මවක් ඇඳ මත පිලිස්සී මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඇයගේ 68 හැවිරිදි අවිවාහක දියණියක් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව, ගල්කටුව පාරේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක් ය .

දියණියන් දෙදෙනෙක් සහ එක් දියණියකගේ පුතෙකු මෙම නිවෙසේ පදිංචිව සිට ඇති අතර අසනීප වී එක්තැන්වීම නිසා මියගිය මව කාලයක් තිස්සේ ඇවිදීමට නොහැකිව ඇඳ මත ජීවත් වී ඇත.

දැනට සිදුකර ඇති විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඇඳට කූඹින් ඒම වැළැක්වීම සඳහා මියගිය කාන්තාවගේ 68 වියැති අවිවාහක දියණිය විසින් බිම සිටි කූඹින් විනාශ කිරීම සඳහා භූමිතෙල් වත්කර ගිනි තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මියගිය අයගේ නිවෙසේ පදිංචිව සිටින දියණියකගේ 43 හැවිරිදි පුත්‍රයාද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පැමිණ මරණ පරීක්ෂණය සිදුකළ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබෙනවා

මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *