Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමත් සමඟ එහි බහාලුම් මුහුදට වැටි, දිවයිනේ වෙරළ ප්‍රදේශ කිහිපයකට එහි තිබු ද්‍රව්‍ය ගොඩ ගසාගෙන පැමිණ තිබුණා.

බලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එසේ වෙරළට පැමිණෙන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් සහ නැරඹීමට යෑමෙන් වලකින ලෙස ජනතාවට පැවසුවත්, සංචරණ සීමා පවා නොතකමින් ජනතාව වෙරළට පැමිණ අදාළ ද්‍රව්‍ය රැගෙන යන්නට උත්සාහ කරනු දක්නට ලැබුනා.

කෙසේ නමුත් සුදු පැහැති සිමෙන්ති කොට්ටයකට සමාන විශාල මලු වර්ගයක් වෙරළට ගොඩ ගසාගෙන පැමිණ තිබු ආකාරය සහ ඒවා ජනතාව විල් බැරෝ මඟින් සහ කර මත තබාගෙන රැගෙන යනු දක්නට ලැබුනා.

මීගමු වෙරළට ගොඩගසා තිබුණ සුදු පැහැති සිමෙන්ති කොට්ටයකට සමාන විශාල මලු ඇතුලේ අන්තර්ගත තිබුනේ ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක නිපදවීමට ගනු ලබන පොලිතීන් කැට. Low Density Polyethylene (අඩු ඝනත්ව පොලිතීන්) මෙන්ම මධ්‍යම ඝනත්ව / වැඩි ඝනත්ව පොලිතීන් කැටත් මේ මලු තුල අන්තර්ගතව තිබෙනවා. මේ පොලිතීන් කැට ගිනිගන්නා සුළු වන අතර අධික හිරු රශ්මියේදී පවා මේවා උණුවිය හැකි බව සඳහන්.

මේ “අමු පොලිතීන් කැට” මිනිස් සමටත් අහිතකරයි. ඒ නිසා මේවා සම්මත තත්ව යටතේ නැවත උණුකරලා පෙර සඳහන් කල නිෂ්පාදන සඳහා යොදාගනු ලබනවා.

කටාරයේ මුන්ටාජාත් සමාගම නිෂ්පාදනය කරන මේ පොලිතීන් කැට කිලෝ 25 මලු ආකාරයට අසුරෑ තිබෙන අතර මේ කැට කිලෝ 25ක මල්ලක් ඇමරිකන් ඩොලර් 30ක් පමණ මුදලක වටිනාකමින් යුක්ත වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *