Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරායට නුදුරින් දින කීපයක් තිස්සේ ගිනි ගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපයේ දී මුහුදුබත් වන බව සාගර විද්‍යා අංශ පවසයි.

සමුද්‍රීය ආරක්ෂක අධිකාරිය පවසන්නේ මේ වන විට නෞකාවේ බහුතර කොටසක් ගිනි ගෙන ඇති බවයි. පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එය දකුණු පසට ඇළවී ඇති බව නිරීක්ෂණය කරන බව ද ගුවන් හමුදාව සඳහන් කළේය.

නෞකාව මුළුමනින්ම විනාශ වීම මේ හේතුවෙන් ඒ අවට පරිසරයට විශාල පරිසර හානියක් සිදුවිය හැකි බව සමුද්‍රීය පරිසර සංරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි ප‍්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය සහ ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතු වීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු දූෂණයක් ඇතුළු බරපතළ හානි සිදු විය හැකි බව ද ඔවුන් සඳහන් කරති.

එමෙන්ම මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු විය හැකි අතර එම ප්‍රදේශ වල මුහුද ආශ්‍රිතව ධීවර කටයුතු දැනටමත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

නැව මුහුදුබත් වීමෙන් පසු වෙරලට පාවී එන කිසිදු දෙයක් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ද ජනතාවෙන් රජය ඉල්ලා සිටියි.

එම නෞකාවට ඉන්දියාවෙන්ද බහාලුම් එක්ක කර ඇති නිසා ඉන්දීය වයිරස් ප්‍රභේදය ද ඒ හරහා මෙරට එක් වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත.

නෞකාවේ ඇති විෂ රසායන විශාල වශයෙන් සාගරයට එක්වීම හේතුවෙන් ඉදිරි මෝසම් සමයේදී මෙරටට අම්ල වැසි ඇති වීමේ ඉහල අවදානමක් ද ඇති තිබේ.

නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීම ද අනතුරුදායක වීමේ හැකියාවක් ඇතැයි ද ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති.

මේ අතර එම නෞකාවෙන් ගොඩ ගසාගෙන ආ භාණ්ඩ අත්පත් කර ගත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *