Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් බහාලුම්වල ඇති ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක Epoxy Resin නම් රසායනික ද්‍රව්‍යයක් අඩංගු වන බව දැනුම් දී ඇති අතර එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් පවසනවා.

එබැවින් එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙසයි එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙනවා.

මෙම නෞකාවේ සිදුවූ පිපිරීමත් සමඟ කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබේ. එම බහාලුම්වල ඇති රසායනික මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ Facebook සටහන පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *