කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි තහවුරු කෙරෙන PCR පරීක්ෂණය සිදු කිරීම සඳහා එක් පුද්ගලයෙක් වෙනුවෙන් රජයට වැයවන පිරිවැය රුපියල් 6,000ක් පමණ වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනය යටතේ පෞද්ගලික අංශයේ රෝහල් කිහිපයකද ඉදිරියේදී මෙම PCR පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙසේ පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීමේ අරමුණ වන්නේ එක් දිනකදී සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 1000දක්වා වැඩිකරගැනීම බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා මින් පෙර ප්‍රකාශ කර සිටියා.