Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට තුළ හදිසි තත්වයක් පවත්නා මොහොතක පවා මහජන නියෝජිතයෙකු ලෙස තමන්ට සේවය කරන්න සිදුවන බව වෛරසය ආසාදිතව නිරෝධායනය වෙමින් සිටින වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියන්නේ.

නිලධාරීන් හා සමීපතමයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට තමන්ට සිදු ව ඇති අවස්ථාවක දී සැමගේ ආරක්ෂාව පිණිස සිය රාජකාරි Zoom ඔස්සේ සිදු කරන බව ඔහු කියනවා.

පසුගිය දින කිහිපය පුරාවටම ඔහු හා සමීපව රාජකාරී ඉටුකළ සෑම දෙනාටම ස්වයං නිරෝධායනයට ලක් වෙමින් රාජකාරියෙන් බැහැර වීම රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අහිතකර බලපෑම් කළ හැකි කරුණක් බව පැහැදිලිව පෙනෙන බව අමාත්‍යවරයා පවසනවා.

ඒ නිසා පහසු පරිදි අනෙක් අයටද රාජකාරිය මාර්ගගතව ඉටු කිරීමට උපදෙස් ලබා දී මොහොතකට හෝ තම වගකීම වලින් බැහැර නොවී ඒවා ආරක්ෂිතව ඉටු කරන බව ඔහු සඳහන් කරනවා.

එසේම ඔබ වෙත ලබා දිය යුතු එකම උපදෙස් වශයෙන් මා දකිනුයේ ඔබ මුව ආවරණය කිසිසේත්ම ඉවත් කළ යුතු නොවන බවයි. මන්ද යත්, මෙතෙක් කාලයක් පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිෂ්පාදිත Respirone Nano AV 99 මුහුණු ආවරණය පැළඳ සිටි මා ආසාදිත යැයි තහවුරු වූ බොහෝ දෙනා අතර නිරෝගීව සිටි අවස්ථා බහුලය. නමුත් මාගේ නිල රථයේදී මා විසින් මුහුණු ආවරණය ඉවත් කරනු ලැබීමි. ඒ වන විටත් වෙෙරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරු මහතෙකු මාගේ රථය ධාවනය කළ අවස්ථාවකදී, මා විසින් මුහුණු ආවරණය නොමැතිව ගමන් කරනු ලැබීම හේතුවෙන් මෙසේ මා ද ආසාදිත වී ඇති බව විශ්වාස කරමි. එබැවින් මොහොතකට හෝ ඔබව සුරක්ෂිත කෙරෙන මුහුණු ආවරණය ඉවත් නොකරන්න.

යි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *