Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කරන පුද්ගලයන්ට ඩෙල්ටා වෛරස ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දුම් පානය කරන කෙනෙක් නම් එය වහාම නැවැත්විය යුතු බවයි.

එයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ දුම් පානය නොකරන පුද්ගලයෙකුට වඩා දුම් පානය කරන පුද්ගලයෙකුට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව 14% ගුණයකින් වැඩි බවයි.

එමෙන්ම රෝගය වැළදුනහොත් සංකුලතා ඇතිවී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩි බවත් වෛද්‍යවරයා පවසනවා.

බොහෝවිට දුම් පානය කරන හෝ මත්පැන් පානය කරන අයෙක් නම් එන්නත ලබා ගත්ත ද එන්නත තුළින් ශරීරයේ ඇතිවන ප්‍රතිශක්තිකරණය අඩපණ කරන බවද ඔහු සඳහන් කරනවා.

ඔවුන් කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වුවද නිසි ආරක්ෂාවක් නොලැබෙන බව අද (21) පැවැති මාධ්‍ය හමුවකදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *