Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හික්කඩුව, දොඩන්දූව, රෝහණ බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ ම‍ධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ, එම ස්ථානයට පැමිණ සිටි කාර්ය මණ්ඩලය එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙනි.

එලෙස එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වි තිබෙනවා.

උදෑසන එන්නත්කරණය ආරම්භකර අදාළ පත්‍රිකාවල සටහන් තැබිමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් පිටව ගිය බවට ජනතාව චෝදනා කරති.

එහි සිටි තරුණයෙක් ආවේගශීලීව පැවසුවේ එන්නත් කාඩ්වල එන්නත්කළ බවට සටහන් තබා එන්නත් ලබානොදීම ගැන බලධාරීන් සොයා බැලිය යුතු බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *