Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව නිල වශයෙන් පසුගිය අගහරුවාදා අමෙරිකානු වනජීවී බලධාරීන් නිවේදනය කර තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම මීට ‍ප්‍රධාන හේතුවයි.

එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි.

අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇත. මේ වන විට සතුන්ගේ දීර්ඝ කාලීන පැවැත්ම විශාල ලෙස අභියෝගයට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇන්ටාක්ටිකාවේ දැනට එම්පරර් පෙන්ගුයින් 650,000 ක් පමණ සිටිති. වනජීවී නිලධාරීන් විසින් උපුටා දක්වන ලද ඇස්තමේන්තු වලට අනුව එය 2050 වන විට 26% සිට 47% දක්වා අඩුවිය හැකිය.

පසුගිය වසරේ කරන ලද අධ්‍යයනයකින් අනාවැකි පළ වූයේ වත්මන් ප්‍රවණතා යටතේ 2100 වන විට එම්පරර් පෙන්ගුයින් ජනපද සියල්ලම පාහේ “අර්ධ වඳ වී” යනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *