Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං පසුගිය වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහු හිස කෙස් මුඩු කර, සිවුරක් ආකාරයේ රෙදි කැබැල්ලකින් සිරුර ආවරණය කරගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

“ලෝක කුසලාන ජයග්‍රාහක සහ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි බුද්ධාගමට හැරී ඇත. බුද්ධම් ශාරනම් ගච්චාමි ” ලෙස ශිර්ෂ සහිතව ලොව පුරා සමාජ මාධ්‍ය හරහා එම ඡායාරූපය මේ වන විට සංසරණය වනවා.

කෙසේ නමුත් මෙය ස්ටාර් ස්පෝර්ට්ස් ක්‍රීඩා නාලිකාවේ ප්‍රවර්ධන වැඩසටහනකි.

මෙම ව්‍යාපාරය දෝනි භික්ෂුවකට සමාන පෙනුමකින් යුක්ත වන අතර ක්‍රිකට් ක්‍රීඩකයාගේ “නව අවතාරය” යනු කුමක්දැයි ජනතාව සිතන්නේ කුමක්දැයි එහිදී විමසනු ලබනවා.

ස්ටාර්ට් ස්පෝර්ට්ස් යනු ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ නිල විකාශකයා වන අතර එය අප්‍රේල් 9 වනදා සිට ආරම්භ වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *