Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 කින් සමන්විත තරගාවලිය ඔක්තෝම්බර් 2 ආරම්භ වීමට නියමිත අතර  පසුගියදා (26) අලුයම ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට පැමිණියා.

ඔවුන්ගේ එක්දින සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් අතර, 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

ක්වෙන්ටන් ඩී කොක් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර ලුන්ගි එන්ගිඩී හා ඩේවිඩ් මිලර් ද එක්දින සංචිතයට නම් කර නැහැ.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩලාට ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.

ඒ අනුව මෙම සංචාරයේදී දෙරට අතර
තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් පැවැත්වීමට නියමිත අතර මෙම සියලු තරඟ කොළඹ  ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගියදා දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට පැමිණි පසු කණ්ඩායම් නායක ටෙම්බා බවුමා මාධ්‍ය වෙත අදහස් දක්වා ති⁣බුනේ මෙලෙසින්.

“මට ලොකු විශ්වාසයක් තිබෙනවා එළඹෙන ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණය කිරීමට අපට හැකියාවක් තිබෙනවා කියලා. විශේෂයෙන්ම අප සතුව ඉතාම හොද මට්ටමේ දගපන්දු යවන්නන් දෙදෙනෙකු සිටිනවා. ශම්සි ගත්තොත් ඔහු මේ වනවිට 20 – 20 පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ පසුවනවා. ඒ වගේම කේශව් මහරාජ් අප කණ්ඩායම සමගින් සිටිනවා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ තත්වයන්ට ගැලපෙන ඉතාම හොද දගපන්දු යවනන් අප සතුව සිටිනවා කියලා. ඒ වගේම අමතක කරන්න හොද නෑ ජෝර්ජ් ලින්ඩේ පිළිබඳවත්” යනුවෙන් ටෙම්බා බවුමා සදහන් කර සිටියා.

” ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම පහසු දෙයක් නොවෙයි. එය ටෙස්ට් තරගද සීමිත පන්දුවාර තරගද කියලා වෙනසක් නෑ. නමුත් මට මගේ කණ්ඩායම පිළිබඳව විශ්වාසයක් තිබෙනවා ශ්‍රී ලංකාවේ අභියෝගය ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරග වදින තණතීරු බොහෝ විට ලෝක කුසලානයේ මුහුණ දෙන තණතීරු වලට සමාන වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. මෑත කාලීනව අපේ පන්දු යැවීම තමයි තරමක් ඉදිරියෙන් තියන අංශය. පිතිකරුවන්ටත් මේ තරගාවලියේදී අවස්ථාව තියනවා තමන්ගේ හැකියාවන් උරගා බලන්න. මෙම තරගාවලිය අපිට අභියෝගයක් වගේම ලෝක කුසලානයට හොද පෙර පුහුණුවක් ” යැයි දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තව දුරටත් සදහන් කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *