Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

2020 ඔක්තෝබර් 15 දා ගැසට් නිවේදනයේ 98 වැනි වගන්තිය අනුව නව රෙගුලාසි නිකුත් කර ඇති බවත් ඔහු පැවැසීය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටතට යෑමේදී මින් පෙර ක්‍රියාත්මක කළ හැඳුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක බවද ඔහු පැවැසීය.

මේ අනුව නිවසින් පිටතට යාමේදී ඔත්තේ දිනයක් නම් හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ අංකයක් නම් ( 3දා නම් හැඳුනුම්පතේ අවසාන අංකය 1,3,5,7,9 යන අංක අයට නිවසින් පිටතට යා හැකියි) හැඳුනුම්පතේ අවසානයට ඔත්තේ අංකයක් ඇති අයටද ඉරට්ට දිනයක් නම් හැඳුනුම්පතේ අවසානයට ඉරට්ට අගයක් ඇති අයටද නිවසින් පිටව යාමට අවස්ථාව පවතී.

රෙගුලාසිවල කරුණු,

  • අද සිට 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේ දී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේ දී පුද්ගල සංචරණ සීමා වෙනයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නෑ.
  • භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අංක අනුව.
  • පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි
  • කුලී රථයක දෙදෙනෙක් පමණයි
  • උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ
  • රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ
  • රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)
  • අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි.
  • සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ධාරිතාවයකින්
  • කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි
  • ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි
  • ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
  • බන්ධනාගර වලට අමුත්තන් බෑ
  • රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.
  • දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.
  • මංගල උත්සව තහනම් නමුත් විවාහයක් ලියාපදංචි කිරීමට 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.
  • අවමංගල උත්සව සඳහා උපරිමය 15යි පැය 24න් අවසන් කළ යුතුයි
  • උත්සව සාද එක්රැස්වීම් බෑ
  • පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ
  • ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසයි
  • සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසයි
  • අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්
  • මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි
  • කැසිනෝ ඔට්ටු සම්බාහන ස්ථාන වසා තැබෙයි.

මේ අතර අද දින​ය තුළ අවස්ථා දෙකකදී පැනවූ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සහ එම සීමා නොමැති අවස්ථාවලදී නිවසින් බැහැරව යන අංක ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සරලව පහතින්.

  • අද 12.05.2021 – රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
  • හෙට 13.05.2021
    අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
    අලුයම 4 සිට රාත්‍රී 11 තෙක් අංක ක්‍රමයට බැහැර යා හැක.
    රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
  • සිකුරාදා 14.05.2021 සිට ඉරිදා 16.05.2021 දක්වා – මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
  • සඳුදා 17.05.2021 සිට 31.05.2021 දක්වා
    අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
    අලුයම 4 සිට රාත්‍රී 11 තෙක් අංක ක්‍රමයට බැහැර යා හැක.
    රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
  • සංචරණ සීමා –
    පුද්ගලික ගමන් හා පුද්ගල සංචරණය සපුරා තහනම්.
    අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර ඇත.
    බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහා අවසර ඇත.
  • අංක ක්‍රමයට බැහැරට යාම
    අදාළ වන්නේ සංචරණ සීමා ක්‍රියාත්මක නොවන කාල වලදී පමණයි.
    ඉරට්ටේ දිනවලදී (18,20,22,24,26,28,30) හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ (0,2,4,6,8) ඇති පුද්ගලයින්ට නිවසින් බැහැරව යා හැකියි.
    ඔත්තේ දිනවල (13,17,19,21,23,25,27,29,31) හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඔත්තේ (1,3,5,7,9) ඇති පුද්ගලයන්ට නිවසින් බැහැරට යා හැකියි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්ව යන අයට මෙම ක්‍රමය බලනොපායි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *