Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් මෙරට නිපදවූ ඔක්සිජන් ධාරිතාව මේ වන විට උපරිම මට්ටමකින් භාවිත කෙරෙන හෙයින් ඔක්සිජන් ආනයනයට ද ක්‍රියාමාර්ග ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

 කෙසේ නමුත්, ආනයනය කිරීමට නියමිත අදාළ රටවල් යම් හෙයකින් ඔක්සිජන් ලබා දීම නවතා දැමුවහොත් කුමක් කළ යුතු ද? යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවත් ඊට යම් විකල්පයක් වශයෙන් දැනටමත් රෝහල් ආශ්‍රිතව ඔක්සිජන් නිපදීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. 

 ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝස්තු 12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

දැනට තියෙන ඔක්සිජන් ලංකාවේ නිෂ්පාදන ධාරිතාව උපරිමයට මේ වෙනකොට භාවිත කරනවා. ඒකට විකල්පයක් හැටියට ඔක්සිජන් පිටරටින් ගෙන්නන එකත් දැන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඔක්සිජන් පිටරටින් ගෙන්නන එකෙත් සීමාවක් තියෙනවා. මොක ද අපි දන්නවා ඒ රටවල් හිටපු ගමන් කිව්වොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔක්සිජන්වල, අපිට දැන් නං දෙන්න විදියක් නෑ කිව්වොත් අපි මොක ද කරන්නේ? ඒ වගේ ම තමා අපි ඔක්සිජන් ලංකාවේ රෝහල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන යන්ත්‍ර රෝහල්වලට ලබා දීලා තියෙනවා. මේ සියලු විකල්ප කරමින් ඔක්සිජන් ලබා ගැනීමේ ක්‍රියාවලිය උපරිම මට්ටමින් අපි පවත්වාගෙන යනවා. නමුත් මේ හැම දේක ම සීමාවක් තිබෙන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා තමා අපි මේ රෝගීන් වැඩි වෙන එක නවත්වාගන්න ගත යුතු ක්‍රියාමාර්ග හැම වෙලේ ම මුල්පෙළට තබා ගත යුත්තේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *