Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ඉන්දියානු පීඑම් කෙයාර් අරමුදලට (PM Cares Fund in the fight against COVID-19) ඩොලර් 50,000 ක මුදලක් සිය පෞද්ගලික වියදමින් ආධාර වශයෙන් ලබාදී තිබේ.

ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදන අනුපාතය ඉහළ මට්ටමක පවතින අතර අයි.පී.එල් තරඟාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සුදුසු ද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ජා කරමින් තිබේ. අයිපීඑල් ක්‍රීඩා කරන කාලය අතරතුර දිනකට පැය කිහිපයක් හෝ නිවෙස් වල සිරවී සිටින ඉන්දීය ජාතිකයින් සතුටින් සිටින අතර එමඟින් ඔවුන් විවේකයක් ලබන බව ඉන්දීය රජයේ අදහස ලෙස කමින්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

සෙසු අයිපීඑල් ක්‍රීඩකයින්ට සහ ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට ඉන්දියාවේ වත්මන් තත්වය හේතුවෙන් ඉන්දියාව වෙනුවෙන් පරිත්‍යාග ශීලි වෙන ලෙස ඉල්ලමින් ඔහු ඩොලර් 50000 ඒ සඳහා වෙන් කරන බව තව දුරටත් සිය ට්විටර් පණිවිඩයේ ඔහු සඳහන් කොට තිබේ.

කොරෝනා වෛරස් අර්බුදය නරක අතට හැරීමත් සමඟම බොහෝ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් අයිපීඑල් වලින් ඉවත්ව ගිය අතර ඇඩම් සැම්පා, කේන් රිචඩ්සන් සහ ඇන්ඩෘ ටයි මේ වනවිටත් තරඟාවලිය අතරමඟ සිය මව්රට බලා පිටත් වීමට තීරණය කොට තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *