Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩිවෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළා.

මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 48ක් වාර්තා වී ඇති අතර එම රෝගීන් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කයෙනි.

මේ අතර ඇය වැඩිදුරටත් ඇය පෙන්වා දෙන්නේ නිවෙස්ගත රෝගී සත්කාර සේවාවටත් ඉදිරියේදී ඔමික්‍රෝන් රෝගීන් ඇතුළත් වියහැකි බවයි.

නිවෙස්ගත ප්‍රථිකාර ක්‍රමය සඳහා 2021 ජුනි 07 සිට දෙසැම්බර් 31 දක්වා රෝගීන් 130,072ක් ලියාපදිංචි වී තිබූ බවත් ප්‍රථිකාරවලින් පසු මුදාහැරි රෝගීන් ප්‍රමාණය 125,168ක් වන බවත් ය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව දෙසැම්බර් 31ක වනවිට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,096ක් පමණි.

මේ අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද කොවිඩ් -19 ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් සියලුදෙනාම සෑම ස්ථානයකදීම සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළයුතු බවද වි‍ශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ නිවෙස්ගත ආසාදිතයින් වාර්තාවීම පහළ යාමට හේතු වී ඇත්තේ ඔවුන් පද්ධතියට වාර්තා නොකිරීම විය හැකි බවය.

Leave a Reply

Your email address will not be published.