Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී හෙට (25) පැවැත්වෙනවා.

එම තරඟය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 04 යි 30 ට එම තරඟය ආරම්භ වීමට නියමිතයි.

අයර්ලන්තයට එරෙහිව පැවති තරඟයේ පැතුම් නිස්සංක වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.

තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම ක්‍රීඩකයින් එරටට කැඳවා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස ඔස්ට්‍රේලියාව වෙත කැඳවා ඇත්තේ වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *