Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍ර්ලියානු සංචිතයේ දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව අද (25) පස්වරුවේ පර්ත් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගය සඳහා ඔහුගේ එක්වීම සැක සහිත බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර තිබුණේ.

කෙසේ නමුත් තවමත් ඔහුව තේරීම සඳහා රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීතිවලට අනුව වෛද්‍ය නිර්දේශ මත කොවිඩ් ආසාදිත ක්‍රීඩකයෙකුට තරග සඳහා එක්වීමේ අවස්ථාව පවතිනවා.

කෙසේ නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සලකා අවසන් තීරණය ගනු ලබයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වර්තමානයේ සීමිත පන්දුවාර තරග සඳහා එක්කරගනු ලබන ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන්නේ ද ඇඩම් සම්පායි.

Update :

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය සඳහා ඇඩම් සම්පා නම් කොට නැහැ.

ඒ අනුව ඔහු වෙනුවට කණ්ඩායමේ ස්ථානය ඇෂ්ටන් ආගර් ට හිමිවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *