Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ඇතැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නිලධාරියාට අධිකරණය ඇප නියම කර තිබේ.

දත්ත ගබඩාවක් පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද කල්පගේ මෙලෙස ඇප මත මුදා හැර ඇත.

අද (09) ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියගේ නියෝගයකට අනුව ඇප නියම කෙරුණි.

මේ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ පස්වරුවේ ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *