Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින ඖෂධ හිඟය හේතුවන් මෙරටට අවශ්‍ය ඖෂධ මිලට ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක අරමුදල් ලැබී ඇති බව රජය නිවේදනය කරයි.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ඖෂධ හිඟය කළමනාකරණයට සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවය.

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටලුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි අයුරින් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වූයෙන් ඇතැම් ඖෂධ හිඟවූ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ඊට පිළියම් ක්‍රියාමාර්ග කිහිපයක් හඳුනාගෙන දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවද දැනුම්දෙයි.

ඉන්දීය සහන ණය පහසුකම යටතේ ණයවර ලිපි විවෘත කොට ඖෂධ හා උපකරණ ඇණවුම් කිරීම ඉන් එකකි.

ඒ හැර අරමුදල් හෝ ඖෂධ සපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අමාත්‍යංශය සාකච්ඡා කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.

හිඟ ඖෂධ හෝ ඖෂධ මිලදී ගැනීමට මුදල් හෝ පරිත්‍යාග කරන මෙන් විදේශීය ආයතන වෙත, විදේශී‍ය සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ආයාචනයක් ද කර තිබේ. දැනටමත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර මතුව ඇති ඖෂධ හිඟය කළමනාකරණය කිරීම සඳහා සැලසුම් කිහිපයක් ක්‍රියාත්මක කොට ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා .

Leave a Reply

Your email address will not be published.