Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

ඔහු සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක්, අත්බෝම්බයක් සොයාගෙන ඇත.

සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර වත්තල ප්‍රදේශයේදී ද 38 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 150 සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත් රුපියල් 950,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල ප්‍රදේශයේදී බඩෝවිට අසංක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද අත්අඩංගුවටගෙන තිබේ.

ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 146ක් තිබී සොයාගෙන ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *