Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සඳහන් කළේ මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා ඒ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමක බවයි.

එම නේවාසිකාගාරයේ කොවිඩ් ආසාදනය වූ 17දෙනා ඇතුළුව 57දෙනෙකු රැඳී සිට තිබේ.

ඔවුන් අතර වැඩි පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සදහන් කළේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *