Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් ආසාදිත වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH රෝහලට) ඇතුළත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. කතානායකවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවකයෝ තිදෙනෙක් ද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබති.

මේ අතර පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ද කොවිඩ් 19 ආසාදිතව ඇති බවට අද සවස වාර්ථා වුණා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ආසන්නයේ ම හඳුනාගත් පාර්ලිමේන්තු සභිකයින්.

ගෙවුණු සතියක කාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45ක් පමණ වනවා.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති අතර, ඊට වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ද ඇතුළත්. මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිත ගර්භනී මව්වරුන්ගේ සංඛ්‍යාවේ ක්‍රමික ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා

Leave a Reply

Your email address will not be published.