Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු සංගමය,පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කළ බවත් එහි ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ සඳහන් වන කරුණු පිළිගන්නා බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා .

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසත් එහිදී අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය පවසනවා.

එමෙන් ම, බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයින්, ඊට අනුබල දුන් අය සහ සිය රාජකාරිමය වගකීම් පැහැර හැර ඇති පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට සම්පූර්ණ බලය සහ නිදහස ලබාදිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය වන අධිකරණමය ක්‍රියාවලිය හැකි ඉක්මනින් ආරම්භ විය යුතු බවත් එම නිවේදනයේ ඇතුළත් .

රදගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කළේ, ඉතාමත් ඉක්මන් සහ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් හරහා අත්‍යවශ්‍ය කාරණයක් සේ සලකා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දිය යුතු බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *