Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කපාකොටා ඝාතනය කළ එක් දරුපියෙකුගේ මළ සිරුරක් අද (17) උදෑසන කිලිනොච්චිය, ශිවපුරම් ප්‍රදේශයේදී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

එලෙස ඝාතනය වී ඇත්තේ, කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් පදිංචි මුත්තයියා කේදීෂ්වරන් නැමති අවුරුදු 27ක කම්කරුවකු බවද පොලිසිය සඳහන් කරයි. නිවස අසල මඩුවක් තුල නිදාසිටි මියගිය පුද්ගලයා කිසියම් පිරිසක් විසින් පෙරේදා රාත්‍රියේ කපාකොටා ඝාතනය කොට ඇති බවත් මියගිය පුද්ගලයාගේ සිරුරේ සහ මුහුණ ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත් පොලිසිය පැවසීය.

ඝාතනය කොට ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය දිසා රෝහලේ පැවැත්වීමට නියමිතය.

00 1
000 1

Leave a Reply

Your email address will not be published.