Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කල්පිටිය කන්දකුලිය කුඩාව වෙරළ තීරයට අද (25) අළුයම නාදුනන මළ සිරුරක් ගොඩ ගසා ඇතයි කල්පිටිය පොලිසිය පවසයි.

අඩි පහක පමණ උසකින් යුතු මෙම සිරුර වෙරළට ගොඩ ගසා ඇත්තේ එහි හිස වැල්ලේ ගිලී ඇති අයුරිනි.

සිරුරේ සම හා මාංශ පේෂී දිය වී ඇති අතර මෙම මල සිරුර පිරිමි පුද්ගලයෙකුගේද කාන්තාවකගේද යන්න පරීක්ෂණයකින් තොරව ප්‍රකාශ කිරීම පවා අසීරු තත්වයක පවතින බව පොලිසිය සඳහන් කරයි.

සිරුර පිළිබදව මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

01 9

Leave a Reply

Your email address will not be published.