Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කලුබෝවිල ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සාමාන්‍ය කම්කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පසුගිය 15 වැනිදා එම සේවකයා රාජකාරියට පැමිණිමේදී උණ රෝගී තත්වයක් පෙන්නුම් කර ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.

අදාල සේවකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

වෛරසය ආසාදිත බවට හඳුනාගැනිමෙන් පසුව ඔහු කොස්ගම පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

එම සේවකයාව සමීපයෙන් ආශ්‍රය කල තවත් රෝහල් සේවකයින් 16 කට පමණ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර රෝහලේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි කලුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *