කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල – බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනකු අතුරුදන් වීමේ සිද්ධියක් පසුගිය 23 වැනිදින වාර්තා වුණා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ, වයස අවුරුදු 10 – 12 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය පැවසුවේ.
අතුරුදන් වූ බවට සැලකෙන නොවැම්බර් මස 23 වැනි දින සිට කොටදෙණියාව පොලීසිය විසින් අදාළ දරුවන් දෙදෙනා සොයා විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.
මෙතෙක් සිදු කරන ලද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අතුරුදන් වූ දරුවන් දෙදෙනා ගැන කිසිදු තොරතුරක් පොලිස් විමර්ශන අංශ නිලධාරින් වෙත සොයාගෙන නොමැති බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ද ප්‍රචාරණය කිරීමක් සිදු කරනු ලැබුවා.
නමුත් ළමුන් දෙදෙනා මේ වනතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වාගෙන යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මෙලෙස අතුරුදන් වූ දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.
අතුරුදන් වයස අවුරුදු 10හි පසුවන පිරිමි දරුවා නමින් දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැලුම් වන උසින් අඩි 04ක් පමණ, ශරීර පැහැයෙන් තලෙළු සහ කොණ්ඩය කපා ඇති තැනැත්තෙකු බවයි පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම දරුවාගේ මුඛයේ දෙපස ඇන්දේ දත් දෙකක් වැටී ඇති බව ද ශරීර ලක්ෂණ පෙන්නුම් කරමින් සඳහන් කර තිබෙනවා.
හෙතෙම අවසන් වරට හැඳ සිටි ඇඳුම නිල් පැහැති කමීසයක් සහ කළු පැහැති කොටු සහිත කලිසමක් බව ද නිවේදනයේ සඳහන්.
ඔහු සමග අතුරුදන් වූ සෙසු දරුවා ජයසේකර මුදලිගේ අකිල දේදුනු වන 12 හැවිරිදි දරුවෙකු වන අතර, හෙතෙම අවසන් වරට දැකීමේදී හැඳ සිටියේ නිල් පැහැති කොලර් සහිත කමිසයක් වන අතර, ඒ සඳහා රතු පැහැති කොට කලිසමක් හැඳ සිට තිබෙනවා.උසින් අඩි 04යි අගල් 10ක් වන තලෙළු, කොණ්ඩය කොටට කපා සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අතුරුදන් වූ දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම් දීම සඳහා විශේෂ දූරකථන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි කළුආරච්චිගේ දූරකථන අංකය ලෙස 071-8592867 සහ සහකාර පොලිස් අධිකාරි ගමගේ ගේ දූරකථන අංකය ලෙස 0718592868 යන අංක ජනතාව වෙත විවර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකා කාර්යාලය පවසන්නේ.
කෙසේවෙතත් තවදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.