Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 13 වන තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී අද පැවැත්වුණා. ඒ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බෝ කිංග්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගයෙන් කඩුලු 7 ක විශ්ෂ්ඨ ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි.

මෙම ජයග්‍රහණයත් සමඟ අවසන් පූර්ව වටයේ තම ස්ථානය ද තහවුරු කර ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසාන වීමටත් පෙර ක්‍රීඩකයන් සියල්ලන්ද දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

එහිදී රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 21කදී ලකුණු 34ක් රැස් කරගැනීමට සමත් වුණා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නෙ නැහැ. ඉර්ෆාන් පතාන් පන්දු 27ට ලකුණු 18යි. නායක කුසල් පෙරේරාට ලබා ගත හැකිවුයේ පන්දු 4ට ලකුණු 4ක් පමණයි.

Image Source : SLC

පන්දු යැවීමෙදී කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ අශාන් ප්‍රියංජන ප්‍රතිවාදීන්ට ලකුණු 4ක් පමණක් ලබාදෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

තික්ෂිල ද සිල්වා ලකුණු 6ට කඩුලු 2ක් දවා ගත අතර ක්වයිස් අහමඩ් තම පන්දු වාර 4තුල ලකුණු 8ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
එමෙන්ම දුශ්මන්ත චමීර, ඇන්ඩ්‍රි රසෙල්  සහ ඇන්ජෙලෝ මැතිව්ස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 106 ක පහසු ඉලක්කය සපුරාලීම සඳහා පිටියට පිවිසි කළම්බෝ කිංග්ස් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී පන්දුවාර 14යි එක් පන්දුවකදී ජයග්‍රහණය සපුරා ගැනීමට සමත් වුණා.

දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දු 39ට ලකුණු 35යි. අශාන් ප්‍රියංජන නොදැවී පන්දු 27ට ලකුණු 26ක් වාර්තා කලා.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු සහ මුනාෆ් පටෙල් අතර කඩුල්ල බැගින් බැදී ගියා.

ඒ අනව කළම්බෝ කිංග්ස් කණ්ඩායම ඉතා පහසුවෙන් තරගය ජයගත්තේ කඩුලු 7කින්.

Image Source : SLC
කැන්ඩි ටස්කර්ස් 105 (19.2 Ov, RR: 5.43)

රහමුනුල්ලා ගුර්බාස් – පන්දු 21 කින් ලකුණු 34
ඉර්ෆාන් පතාන් – පන්දු 27 කින් ලකුණු 18
දිල්රුවන් පෙරේරා – පන්දු 18 කින් ලකුණු 12
අශාන් ප්‍රියංජන 2/4
තික්ෂිල ද සිල්වා 2/6
කුවේස් අහමඩ් 2/8
කළම්බෝ කිංග්ස් 108/3 (14.1 Ov, RR:7.62)

දිනේෂ් චන්දිමාල් – පන්දු 39 කින් නොදැවී ලකුණු 35
අශාන් ප්‍රියංජන – පන්දු 27 කින් නොදැවී ලකුණු 26
ඩැනියෙල් බෙල් – පන්දු 10 කින් ලකුණු 11
නුවන් ප්‍රදීප් 1/10
මුනාෆ් පටෙල් 1/28
විශ්ව ප්‍රනාන්දු 1/29

තරඟයේ වීරයා : දුශ්මන්ත චමීර
දහතුන්වන තරඟය : කැන්ඩි ටස්කර්ස් සහ කළම්බෝ කිංග්ස්
ක්‍රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය

මෙම පරාජයත් සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී මේ වන විට ක්‍රීඩා කළ තරග 6න් තරග 5ක්ම පරාජයට පත්ව තිබෙනවා.

ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සදහා කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර මේ වන විට තරගයක් නිර්මාණය වී තිබෙනවා.

ජැෆ්නා ස්ටැලියන්ස්, කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් මේ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *