කළුතර දිස්ත්‍රික්යේ කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරනවා.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“කොළඹට අවදානය යොමුකරන අතර, කළුතර තත්ත්වය පාලනය කර ගත යුතුයි. ඊයේ කළුතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ තුමා සඳහන් කළා මේ වන විට ගර්භනී අම්මලා විතරක් 55ක් පොසිටිව්. ඒ 55න් 45ක් ම අටුලුගම. කොහෙද අවදානම කළුතර තියෙන්නේ. බුලත්සිංහලෙන්, වේයන්ගල්ලට ව්‍යාප්ත වුණා. කලින් තත්ත්වයන් අපි පාලනය කරලා තිබ්බා. නමුත් ඒ ප්‍රදේශවල සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. බණ්ඩාරගම විතරක් මේ වන විට කොවිඩ් රෝගීන් 741ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 604ක් ම අටුලුගමින් වාර්තා වෙනවා.“