කළුතර – කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් 3 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සඳහන් කළේ පසුගිය දින දෙක තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් එම කොරෝනා ආසාදිත නිලධාරීන් හඳුනා ගත් බවයි.
ඒ අනුව කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු කදවුරේ අනෙකුත් සාමාජිකයින් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යොමු කර තිබෙන බව ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සඳහන් කරා.