Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආසාදිතයින් කිහිපදෙනකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාර ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තිබෙනවා.

PCR පරීක්ෂණයට ලක්ව සිටි කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරේ පදිංචි අයෙකු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

පසුව එම පුද්ගලයා සොයා නිවසට යෑමේ දී ඔහු නිවසේ නොසිටි අතර, සොයා බැලීමේ දී කොළඹ ප්‍රදේශයේ පුද්ගලික පාසලක කාර්යාලයේ සේවය නියුතු අයෙක් බවට වාර්තා වී තිබෙනවා.

එම ආසාදිත පුද්ගලයා බස් රථයකින් නැවත නිවස බලා පැමිණෙමින් තිබිය දී සෞඛ්‍ය අංශ සහ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් බස්රථය නවතා ආසාදිතයා සොයා ගෙන තිබෙනවා.

බස් රථයේ සිටි පිරිස බිෂබීජහරණය කර ඇති අතර, ආසාදිත පුද්ගලයා මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයා නිරෝධායනයට යොමුකර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *