Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කළුබෝවිල රෝහලේ කොවිඩ් මළ සිරුරු තැනින් තැන දමා ඇති බව පවසමින් විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරී පුද්ගලයෙකු ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මළමිණී ගොඩගැහෙන්න පටන් අරන් අනේ අපට සරණක් නැද්ද”? යනුවෙන් සටහන් කර මෙම ඡායාරූප ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා.

පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (23) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකි.

නිරෝධායන පනත , ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ ඔහුට චෝදනා ගොනු කිරීමට නියමිත අතර සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර පසුව 2021. 12.16 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග කර ඇත.

සැකකරුට එරෙහිව නිරෝධායන පනත යටතේ ද, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේද, පරිගණක අපරාධ පනත යටතේද චෝදනා ගොනු කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *