Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කර ඒ පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත්කර ඇති බව කී ඕමල්පේ සෝභිත නාහිමියෝ ආගමික ස්ථාන පොදු ආයතන ලෙස විදුලි බිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළහ.

‘කළුවර වප් පෝය’ ලෙස නම් කර තිබූ එම විරෝධතාව පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බව ද ඕමල්පේ සෝභිත නාහිමියෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *