Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින් කළු ජාතික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ පුවතක් මීට දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කලා.

මෙම සිදුවීම ගැන එරට පොලිස් ප්‍රධානියා පැවසුවේ පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුට වෙඩි තැබීම හදිසි අනතුරක් ලෙසටයි.

20 හැවිරිදි Daunte Wright නැමති තරුණයා වෙඩි වැදී මියයාමෙන් අනතුරුව එරට ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් මේ වනවිට කළු ජාතික තරුණයා ඝාතනය කළ එම නගරයේ පොලිස් ප්‍රධානියා සහ වෙඩි තැබූ නිලධාරියා ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *