Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොව්ඩ් ආසාදිතයින්ගේ ප්‍රතිශක්තිය හීන වීම නිසා ඇතිවන Black Fungus එහෙමත් නැත්නම් කළු දිලීර රෝගය පසුගිය අප්‍රේල් අග කාල සිමාවේ දී ප්‍රථම වතාවට ඉන්දියාවෙන් හමු වුනා.

ඉන්දියාව පුරාම මෙම දිලීර රෝගය ව්‍යාප්ත වෙද්දී ආසාදිත රෝගීන් දහස් ගණනක් මේ වෙනකොටත් හඳුනාගෙන තිබෙනවා. මේ රෝගය ආසාදනය වීම නිසා පුද්ගලයින් 90ක් පමණ ඉන්දියාව තුල මරණයට පත් වෙලා අවසන්.

තත්වය මෙසේ තිබිය දී ශ්‍රී ලංකාවෙන් ද කළු දිලිර රෝගය ආසාදනය වූ පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් සොයාගත්තා.

කළු දිලීර රෝගය පිළිබඳ ඔබ දැන ගත යුතු තවත් කරුණු රැසක් තිබෙනවා.

කළු දිලීර රෝගය බෝවෙන්නේ කොහොමද?

වාසනාවකට මෙන් මේ ලෙඩේ දැනට රෝගියකුගෙන් රෝගියෙකුට බෝවෙන බවක් වාර්තා වන්නේ නැහැ. නමුත් මේ දිලීර අපේ ගෙවල් වල පවා කුණු කසළ පල්වෙන තැන්වල, කාබනික පොහොර වල අන්තර්ගත වෙන දෙයක්. මෙම රෝගය ඉතාම කලාතුරකින් වාර්තා වෙන තත්ත්වයක් වුණත් කොවිඩ් තත්ත්වය සහ සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා මේ කළු දිලීර රෝගය වාර්තා වීම වැඩි වෙලා තියෙනවා.

මෙම රෝගය හඳුනාගන්නේ කොහොමද?

ඇතැම් අය මේ කළු දිලීර හඳුනාගන්නේ කන් සහ උගුර සම්බන්ධ රෝග නිසා. තවත් අයට ඇස් වල ඇතුළේ මෙම දිලීර හැදිලා ඇස් පේන්නෙ නැතුව ගියාම තමයි රෝහල් වලට රෝගීන් විදිහට වාර්තා වන්නේ. මෙය සිරුරේ වෙනත් තැන්වලත් ඇතිවෙන් පුළුවන් වුණත් හිස හා සම්බන්ධ කුහර ආදියේ මෙම දිලීරය වැඩිදුර වර්ධනය වෙනවා සහ එවිට රෝගීන්ට අපහසුතා ඇති වෙනවා වැඩියි. කොරෝනා වසංගත කාලය තුල උගුර, කණ, නාසය සායන වලින් වගේම ඇස් රෝගී සායන වලිනුත් මේ කළු දිලීර රෝග තත්ත්වය වැඩිවුණු රෝගීන් වාර්තා වෙලා තියෙනවා.

මෙම රෝගය හැදුනහම මොකද වෙන්නේ?

මෙම දිලීර නිසා ඇස්, මොලය, පෙනහලු, ආහාර මාර්ගය, සම ආදී ස්ථානවල රෝගය ඇති වෙනවා වගේම සමහර අවස්ථාවලදී මුළු ශරීරය තුළම පැතිරි යාමේ ඉඩක් තියෙනවා. මේක මොළයට ගිහින් ජීවිතය අහිමි වීම පවා සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා මෙම රෝගය වැළඳෙන රෝගීන්ගේ උගුරේ කොටස් ඉවත් කිරීම, ඇස් ඉවත් කිරීම වගේ ටිකක් වේදනාත්මක සැත්කම් වලින් තමයි ඇතැම් ලෙඩුන්ව බේරාගන්න සිදුවෙන්නේ.

මේ සඳහා දිනකට ඩොලර් 45ක් පමණ වියදම් වන ඖෂධ ලැයිස්තුවක් තියෙනවා. ඒවා එන්නත් විදිහට දින දහයක් රෝගීන්ට නියම කරනවා. නමුත් මේ ඖෂධ සඳහා වන වියදම් අධික වීම මේ වනවිට ඉන්දියානුවට ගැටළුවක් බවට පත් වෙලා තියෙනවා.

කෙසේ නමුත් මෙම රෝගය මෙය ඉන්දියාවේ පමණක් නොනැවතී Covid 19 ලෝක ව්‍යාප්තිය නිසා ලෝකයේ ඕනෑම තැනක වාර්තා විය හැකි තත්ත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා.

  • ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට Covid 19 රෝගය වැළඳීම
  • Covid 19 රෝගය නිසා මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
  • Covid 19 රෝගයට ප්‍රතිකාර ලෙස ඩෙක්සාමෙතසෝන් (Dexamethasone) වැනි ස්ටීරොයිඩ් (Steroids) වර්ගයේ ඖෂධ අධි මාත්‍රා වලින් රෝගීන්ට ලබා දීම යන හේතුන් නිසා මෙම භයානක කළු දිලීර රෝගය ලෝකය පුරා වාර්තා වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා.

    – ශාෂිංක විදුසර –

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *