Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්දියාවේ කොරෝනා වෛරසය සීඝ්‍ර ‍ව්‍යාප්තියත් සමග පැතිරී යන කළු දිලීර රෝගය වැළඳුන පුද්ගලයෙක් මෙරටෙන් හඳුනාගෙන තිබේ.

අම්පාර ප්‍රදේශයෙන් මෙම රෝගියා හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ මෙම දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීම හා මරණ සංඛ්‍යාව වැඩි වීම් වාර්තා වන බවයි.

අම්පාර ප්‍රදේශයට මෙම දිලීරය පැතිරුනේ කුමන ආකාරයෙන් දැයි මෙතෙක් සොයාගෙන නැති බවත් ඔහු පැවසීය.

මෙම දිලීරය ආසාදිත වූවන්ගේ ඇස් වලට සහ ස්වසන මාර්ගයේ හානි සිදුවීමෙන් පසු මොළයට දැඩිව බලපායි. මේ හරහා ඇස අන්ද වීමට ඉඩ ඇති මෙන්ම ඉන්දියාවේ ඇස් ඉවත් කළ අවස්ථා ද වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *