Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග සංචාරය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩකයන් අතර අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට එළඹි ඇත.

එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද රැසක් ඇති වී තිබේ.

සාකච්ජා වට ගණනාවකින් අනතුරුව එංගලන්ත සංචාරයෙන් පසුව සියළුම කොන්ත්‍රාත් ගිවිසුම් ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලකුණු ලබාදුන් ආකාරය ලිඛිතව ලබාදීමට ක්‍රිකට් බලදාරින් ලිඛිතව එකඟ වී තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්ත සංචාරක කොන්ත්‍රාත්තුව (Tour declaration) අත්සන් කරන බව ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා ප්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *