Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගුවන් යානයක් පියාසර කිරීමේ දී බැනරයක් දර්ශනය කරමින් මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට තෝරාගෙන ඇති ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව විරෝධතාවයක් පල කොට තිබෙනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කාන්තාවකට ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල කරමින් මෙසේ එම කාන්තාවට සහය ලබාදෙමින් අදාළ ගුවන් යානයේ බැනරය ප්‍රදර්ශනය කරමින් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හරහා පියාසර කර තිබේ.

බ්‍රිතාන්‍ය මුල් කරගත් ලෙවල් අප් (Level up feminist organization) නම් වූ ස්ත්‍රීවාදී කණ්ඩායම කියා සිටියේ ඔහුට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා “සමාජයට මතක් කර දීමට ” සිය කණ්ඩායමට අවශ්‍ය වූ බවයි.

අදාළ සිද්ධියට මුහුණ දුන් කැත්‍රින් මයෝර්ගා (Kathryn Mayaorga) පවසා ඇත්තේ 2009 දී ලාස් වේගාස් හි හෝටලයක දී ඇය මෙම අතවරයට මුහුණ දුන් බවයි.

රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වන පළමු තරඟය ආරම්භ වීමෙන් පසුව අදාළ බැනරය සහිතව ගුවන් යානය පියාසර කර ඇති අතර, එම බැනරයේ BELIEVE KATHRYN MAYORGA (කැත්‍රින් මයෝර්ගාව විශ්වාස කරන්න) යනුවෙන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් රොනාල්ඩෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *