Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටු සාමාජිකයින්ට ලබන මස 15 වන දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් ගොනු කළ රිට් පෙත්සමක් අද සලකා බැලුණු අවස්ථාවේදියි.

අභියාචනාධිකරණයේ සභාපති අර්ජුණ ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුණා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *