Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටාර් ප්‍රහාර 20 කට අධික සංඛ්‍යාවක් කාබුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඇෆ්ගනිස්ථාන බලධාරීන් සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවක් කටාර් හිදී පැවැත්වීමට පෙර අදාළ ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මෙම ප්‍රහාර එම සංවිධානය විසින් සිදුකර ඇති බවට එරට ආරක්ෂක අංශ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රහාරවල වගකීම තම සංවිධානය භාර නොගන්නා බව තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Image Source – Getty Image
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *