Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධික වර්ෂාව දැඩි සුළග හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සියලුම පාසල් 9 දා සිට වසා දැමීමට තීරණය කළ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් පැවසිය.

වර්ෂාවට පාසල් ගොඩනැගිලි ජලයෙන් යටවීම ජලය කාන්දුවීම නිසා පාසල් ගොඩනැගිලිවල අධ්‍යයන කටයුතු පවත්වා ගෙන යාමට නොහැකි වීම සහ ළමයින්ට පාසල් පැමිණීමට ඇති අපහසුව නිසා මේ තීරණය ගත් බව ද යාපනය දිසාපතිවරයා පැවසීය.

පළාතේ පවතින අයහපත් තත්ත්වය තව දුරටත් නිරීක්ෂණය කිරීමෙන් පසුව යාපනයේ පාසල් යළි ආරම්භ කරන දිනය ගැන තීරණයක් ගන්නා බවද කනපතිපිල්ලේ මහේසන් දිසාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.