මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර දිස්ත්‍රික් කිහිපයක් සඳහා උණුසුම් කාලගුණික තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට වැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම නිවේදනය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරෙන බවයි.
මේ නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් ඇදිම මෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
පවතින උෂ්ණත්ව මට්ටමට අනූව අනතුරු ඇඟවීම් දර්ශනය