Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 වනදා සිට 14 වනදා දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම පවතිනවා.

ඒ අනුව අද (06) දින දහවල් 12.13ට දොඩංගොඩ, ඉද්දගොඩ,අගලවත්ත, අත්වෙල්තොට, රන්වල, ගොඩවැලිපොකුණ හෙළ සහ කුමන වැව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *