Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කාලයත් සමඟ බොහෝමයක් දේවල් වෙනස් වෙනවා. යාලු මිත්‍රකම, මිනිස්සුන්ගෙ ගතිගුණ, අපේ පෙනුම, භාණ්ඩ වල පෙනුම වගේම මිල ආදී ගොඩාක් දේවල් වෙනස් වෙන්නේ ඉතාමත් හෙමින්. (භාණ්ඩ වල මිල නම් එක පාරම ගොඩාක් වැඩි වෙන අවස්ථාත් තියෙනවා.) ඒ නිසාම කාලයකට කලින් මේ දේවල් තිබුණු විදියත් දැන් තියෙන විදියත් සන්සන්දනය කරලා බැලුවාම තමයි වෙනස හැබෑවටම තේරෙන්නේ. මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ඒ විදියට කාලයත් එක්ක හඳුනා ගන්න අමාරු විදියට වෙනස් වුණු දේවල් කිහිපයක සන්සන්දනාත්මක ඡායාරූප කිහිපයක්.

01. රුපවාහිනිය – Television

ප්‍රථම වතාවට මහා පරිමාණයෙන් රූපවාහිනී නිපදවීම ආරම්භ වූයේ 1934 වර්ෂයේ ජර්මනියේදීය. කුඩා තිරයක් සහිත, අපහැදිලි රූප පෙන්වන විශාල ලී පෙට්ටිය එවකට ඩොලර් 445ක් මිල වූ අතර එය අද දවසේ ආසන්න වශයෙන් ඩොලර් 7000කට ආසන්න මුදලකි.

මෙය අද වන විට භාවිතා වන ඉතා පැතලි සහ සුවිශාල තිරයක් සහ සුපැහැදිලි දසුන් ලබාදෙන රූපවාහිනී සමඟ සන්සන්දනය කරන විට විශ්වාස කිරීමට පවා අපහසු තත්වයකි

02. අව් කණ්නාඩි – Sunglasses

මුල්ම සන්ග්ලාසස් නිපදවනු ලැබුවේ ඉර එළියෙන් ආරක්ෂා වීමට නොව, “හිම අන්ධතාවය (snow blindness)” ලෙස හැඳින්වූ තත්වයෙන් ආරක්ෂා වීම සඳහා ය. උත්තර ධ්‍රැවය ආසන්න කලාප වල මිනිසුන් පෙනීම සඳහා ඉතා කුඩා තීරුවක් පමණක් ඉතිරි කරමින් මෙම සන්ග්ලාස් නිපදවූයේ ලී, සත්ව ඇටකටු ආදි මුලුමනින්ම විනිවිද නොපෙනෙන අමුද්‍රව්‍ය භාවිතයෙනි. මෙය භාවිතා කරන ලද්දේ සුදු පැහැති හිමෙන් වැසුණු පොළව මත හිරු එළිය පතිත වී ඇති වන පරාවර්තනය නිසා පෙනීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහාය.

මේ වන විට සන්ග්ලාස් භාවිතා වන්නේ දෑස් වල ආරක්ෂාවට පමණක් නොව, මෝස්තරයක් ද ලෙසයි.

03. ඩිජිටල් කැමරාව – Digital Camera

සුන්දර අවස්ථාවක් සදාකාලයටම සුරක්ෂිත කිරීමට අපට දැන් අවශ්‍ය වන්නේ කුඩා ජංගමදුරකතනයක කුඩා බොත්තමක් එබීම පමණි.

නමුත් කාලයකට පෙර ඒ සඳහා රාත්තල් 9ක් බරැති, බැටරි 16කින් ක්‍රියාකරන උපකරණයක් භාවිතා කරන ලදි.

04. ටොයිලට් පේපර්ස් – Toilet Papers

කඩදාසි මුල් වරට සනීපාරක්ෂක කටයුතු සඳහා භාවිතා කරනු ලැබුවේ ක්‍රි.ව 589 දී පමණ චීනයේ දී ය. නමුත් ටොයිලට් පේපර්ස් මුල් වරට වාණිජ නිශ්පාදනය කරනු ලැබුවේ 1857දීය. එකල ඒවා කොටු හැඩයට කපා බන්ඩල ලෙස ඇසුරුම් කර තිබිණි. අද දවසේ දක්නට ලැබෙන ටොයිලට් පේපර්ස් වලට අවම වශයෙන් හෝ සමාන කමක් දක්වන ඒවා මුල් වරට 1880 බ්‍රිතාන්‍යය්‍යේදී නිපදවනු ලැබූ අතර ඒවා හඳුන්වනු ලැබුවේ, ටොයිලට් කර්ලර්ස් යන නමිනි.

05. රෙදි සෝදන මැෂිම – Washing Machine

පළමු රෙදි සෝදන යන්ත්‍රය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලද්දේ 1851 වර්ෂයේදීය. මෙය අති කරකවා පණ ගැන්විය යුතු උපකරණයක් විය. මීට අමතරව අශ්වයන් 10 දෙනෙකුගෙන් පමණ ක්‍රියාකරන එක්වර කමීස 10-15ක් සේදිය හැකි උපකරණයක් ද විය.

මේවා එකක්වත් වර්තමාන රෙදි සෝදන යන්ත්‍රය ආසන්න වශයෙන් සිහිපත් කරන්නේ නැත.

06. මේස් – Socks

මුල් වරට නිශ්පාදනය කල මේස් දක්නට ලැබෙන්නේ ක්‍රි.ව 3වන ශතවර්ෂයේ දී පමණ ඊජිප්තුවේදී ය. මෙම පැරණි මේස් කුට්ටම් වල ඇඟිලි අතර සිදුර අවශ්‍ය වූයේ ඊජිප්තු වැසියන් මේවා භාවිතා කළේ සෙරෙප්පු සමඟ නිසා ය.

07. ඩ්‍රිල් එක – Drill Machine

අද නම් ඩ්‍රිල් එකක් වැඩ කරන්න අවශ්‍ය වන්නේ එක බොත්තමක් එබීම පමණයි. මුල්වරට විදුලියෙන් ක්‍රියාකරන ඩ්‍රිල් එකක් නිශ්පාදනය කරන ලද්දේ 19 වන ශතවර්ශයේ මැද භාගයේදීයි. ඊට පෙර ‍රෝම යුගයේ පටන් අතින් ක්‍රියා කරන ඩ්‍රිල් එක භාවිතයේ පැවතුනා.

08. ටැම්පූන්ස් – Tampon

ටැම්පූන් ඉතා ඈත යුග වල සිටම භාවිතයේ තිබූවක් වුවත් වර්තමානයේ භාවිතා වන තත්වයේ තරම් සනීපාරක්ෂක වශයෙන් දියුණු වී තිබුණේ නැහැ. කාන්තා සනීපාරක්ෂක උපාංගයක් ලෙස මෙය භාවිතා වෙයි. ඒවා කඩදාසි, පැපිරස්, වූල් ආදියෙන් නිර්මාණය කොට වෙලුම්පටි මගින් එකට සම්බන්ධ කර තිබුණා. කපු පුලුන් වලින් ටැම්පූන් නිපදවීම ආරම්භ වූයේ 1930 දී පමණ.

09. ජීවිතාරක්ෂක කබා – Life Jackets

‌තනි පුද්ගලයන් විසින් භාවිතා කරන ආරක්ෂක මෙවලම් අතර අද වන විට ජීවිතාරක්ෂක කබා පසුවන්නේ ඉතාම ජනප්‍රිය ස්ථනයකයි. නමුත් කලකට පෙර නම් එය එසේ වුණේ නැහැ, මේවා පැළඳීම ඉතාම අපහසුවක් බව බොහෝ දෙනා සිතුවා. එයට හේතුව වටහා ගැනීමට ඉහත රූපය පමණක් ප්‍රමාණවත්.

10. රෝලර් ස්කේට් – Roller Skates

රෝලර් ස්කේට් පිළිබඳ පළමු වරට වාර්තා වන්නේ 1743 වර්ෂයෙනි. නමුත් මෙම සපත්තු ක්‍රියාත්මක කිරීමට පහසු හෝ අරක්ෂිත නොවූ අතර එහි පසුකාලීන සස්කරණ ද එසේම විය.

අද භාවිතා කරන රෝලර් ස්කේට් මුල් වරට නිශ්පාදනය වූයේ 1970 දී අයිස් හොකී ක්‍රීඩකයන්ට අයිස් වළල්ලෙන්පිටත පුහුණුවීම් සිදු කිරීම සඳහාය.

11. ගණක යන්ත්‍රය – Calculator

පළමු ගණක යන්ත්‍රයට ක්‍රියාකරවිය හැකි වූයේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම සහ අඩු කිරීම පමණි. එමෙන්ම ගණිත කර්මය නිවැරදිව විසඳීම පදනම් වූයේ ද යන්ත්‍රය මත නොව එය ක්‍රියා කරවන්නා මතය.

12. බේබි මොනිටර්ස් – Baby Monitors

බේබි මොනිටර්ස් යොදාගන්නේ වෙනත් කාමරයක හෝ වෙනත් ස්ථානයක සිය පවා දෙමව්පියන්ට තම ළදරුවන් ආරක්ෂිතව නිදනවා යන්න දැනගැනීමට ය. මෙම උපකරණය මගින් ශබ්දය සහ වීඩියෝ ග්‍රහණය කර ලබාදෙයි.

නමුත් අතීතයේ ඒ සඳ්හා භාවිතා වූයේ වඩාත් සංකීර්ණ සහ වඩාත් භයානක උපරණයකි.

13. හාර්ඩ් ඩ්‍රයිව් – Hard Drive

වසර 60කට පෙර පළමු දෘඩ තැටිය හඳුන්වා දෙන විට එහි බර රාත්තල්14 ක් වූ අතර එහි පැවතියේ මෙගාබයිට් 5ක මතක ධාරිතාවක් පමණි. අද වන විට අවුන්ස කිහිපයක් බර ජංගම දුරකතනයක පවා ඊට වඩා දස ගුණයක් දත්ත ගබඩා කරගැනීමේ පහසුකම තිබේ.

Preview photo credit depositphotos.com

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *