Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තදවැසි ද ඇතිවිය හැකිය.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව,

  • එළිමහනේ හෝ ගස්යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුය.
  • කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකිය යුතුය.
  • රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුය.
  • බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිත නොකළ යුතුය.
  • තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්විය යුතුය.
  • හදිසි තත්ත්වයකදි ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසද ඉන් පෙන්වා දෙයි.
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *